About us

[Company strategy]

Philosophy

Our Vision

helping hand for your life...

About Us...

Establishing in 2007,as a small computer school increase it values and quantity until today with the glorious history.That is a special story.We are proudly say it like this in our mother language shortly.

2007 වර්ෂයේදී දී මිනුවන්ගොඩ නගර සීමාව තුළ වර්ග අඩි දෙසීයක පමණ කුඩා පන්ති කාමරයක් තුළ TEC VISION නම් පරිගණක පාසලේ තිබිරිගෙය විය.එය ආරම්භ කිරීමේ අරමුණ වූයේ පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පරිගණක සාක්ෂරතාව දියුණු කිරීමයි.එවකට අද මෙන් නොව හරි හමන් පරිගණකයක් සහිත නිවසක් සොයා ගැනීමට පවා දුෂ්කරය විය.මෙම මහගු අභියෝගය බාර ගත් තරුණ පරිගණක ගුරුවරයා වෙන කවුරුවත් නොව අද උසස් පෙළ ICT දේශක පරිගණක මෘදුකාංග ඉංජිනේරු ජනප්‍රිය දේශක ධනුෂ්ක රවිෂාන් මහතාය.
මෙම උත්සාහය මල්ඵල ගැන්වීමක් ලෙස මිනුවන්ගොඩ හා ඒ අවට දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ටෙක්විෂන් පරිගණක පාසල/මධ්‍යස්ථානය පිරීයාමට වැඩි කලක් ගත නොවීය.ඒවන විට එම ඉඩ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීණි.2009 වන විට මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ගොඩනගන ප්‍රධාන ගොඩනැගිල්ලක (සම්පත් බැංකු ගොඩනැගිල්ල)වර්ග අඩි 1200ක භූමියක් කරා tec vision පියමනින ලදි. පරිගණක පාඩම් පාඨමාලා වලට අමතරව 1-5 ශ්‍රේණි සදහා ගණිතය,පරිසරය,ඉංග්‍රීසි,ශිෂ්‍යත්ව පන්තිද 6-11 ශ්‍රේණි සඳහා ගණිතය,විද්‍යාව,සිංහල,ඉංග්‍රීසි, චිත්‍ර , වාණිජ වැනි විෂයයන් ද උසස් පෙළ කලා/වාණිජ වැනි විෂයන්ද ක්‍රමයෙන් විකාශනය විය. කොරෝනා අභියෝගය හමුවේ ගුරුවරු ළමුන්ගේ අධ්‍යාපනයට මුල් තැනක් දුන් අතර ටෙක්විශන් ගුරු මඩුල්ල ඔන්ලයින් පන්ති ආරම්භ කිරීම හා එවිට භෞතික පන්ති සඳහා සහභාගී වන ළමුන් සංඛ්‍යාව අඩුවීම යන කරුණු හේතුවෙන් ආයතනය නැවතත් වර්ග අඩි පන්සියයක් පමණ භූමිභාගයකට ගමන් කිරීමට සිදුවිය. 2019 වන විට ධනුෂ්ක ගුරුතුමා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකට උසස් පෙළ පන්ති ආරම්භ කිරීම හා ගම්පහ ප්‍රදේශයෙහි තවත් අධ්‍යාපන ආයතනයක් ආරම්භක කිරීම වෙනුවෙන් ඔහු සතුව පැවති අනෙක් ටෙක් විෂන් ආයතනය සම්පත් ජයතිලක මහතා (විද්‍යා සර්) වෙත බාර විය.වර්තමානයේ දී ටෙක්විෂන් ආයතනයේ නියමුවානන් ලෙස ක්‍රියාකරන්නේ හිටපු පාසල් ආචා‍ර්ය සම්පත් ජයතිලක මහතාය.
000 Classes
000 Teachers
000 Students
000 Ranks